Thursday, March 15, 2018

What is a Computer Network?

What is a Computer Network?

(පරිගණක ජාලයක් යනු කුමක්ද ?)


මොකක්ද මේ Computer Network එකක් කියන්නේ..


පරිගණක ජාලයක්(Computer Network ) කියන්නේ විවිධ සන්නිවේදන උපක්‍රම භාවිතයෙන් පරිගණක දෙකක් හෝ වැඩි ගනණක් තම සම්පත් හුවමාරු කරගැනීම සදහා එකිනෙකට සම්බන්ධව ඇති අවස්ථාවක්. මෙම පරිගණක ජාලකරණය කිරීමේ ප්‍රධාන අරමුණ තමයි ජාලයේ ඇති පරිගණක හා අනෙකුත් උපාංග, එකිනෙක අතර සම්පත් හුවමාරු කර ගැනීම.

පරිගණක ජාලයක පරිගණක වගේම තවත්  උපකරණ තියෙන්න පුලුවන් . උදාහරණ ගත්තොත්  printers, routers, hub, multimedia devices, switches, NAS ( Network Attached Storage ) Devices, Mobile Phones, Tablet වගේ දේවල් සලකන්න පුලුවන්. දැන්නම් ගෙදරට දාන විදුලි බල්බයත් ජාලකරනය කරන්න තරම් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. 😄
එතකොට මම කලින් කිව්වා සම්පත් හුවමාරු කර ගැනීමක් ගැන. අපි බලමු මොනවද මේ සම්පත් කියල .  ඒවා තමයි,

  • Files(photos ,videos ,audio)
  • Folders
  • Printers
  • Disk drives(storage )
  • Software
  • Computing power
  • I/O devices   
  • Internet Connection     වගේ දේවල්.


දැන් අපි බලමු පරිගණක ජාලයක ඇති වාසි මොනවද කියල.

  • පරිගණක හා  උපාංග අතර දත්ත හුවමාරුව පහසු වීම .
  • පරිගණක අතර සන්නිවේදන කටයුතු කිරීමට පහසු වීම.
  • පරිගණක අතර සන්නිවේදන කටයුතු කිරීමට පහසු වීම .
  • දෘඪාංග පහසුකම් හුවමාරු කරගැනීමට හැකිවීම.
  • අන්තර්ජාල පහසුකම් හුවමාරු කරගැනීමට හැකි වීම.
  • පරිගණකයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට හැකි වීම හා තුලනය කිරීමට පහසු වීම.
  • ක්‍රියාකාරීත්වයෙන් තොර ගණනය කිරීමේ බලය (Processing Power) අනෙක් පරිගණක සමඟ හුවමාරු කරගැනීමට හැකිවීම.
  • විනෝදාස්වාදයට හා රසවින්දනයට (උදා: wi fi හරහා ජංගම දුරකථනයේ ඇති වීඩියෝවක් Smart TV එකේ නැරඹීම )

මේ වගේ ගොඩක් දේවල් අපිට පරිගණක ජාලයන් හරහා කරගන්න පුලුවන්. ඒ වගේම මෙම පරිගණක ජාලයන් භාවිතයේ අවාසිත් තියෙනව. අපි දැන් බලමු ඒ මොනවද කියලා. ඒවා තමයි,

  • ජාලකරනය සඳහා අවශ්‍ය මෘදුකාංග හා දෘඪාංග මිලදී ගැනීමටත්  ඒවා නඩත්තු කිරීමටත් වියදම් දැරීමට සිදුවීම.
  • පරිගණක තුල ඇති දත්ත වල සුරක්ශිත භාවය අඩුවීම සහ එය වැඩි කිරීමට පිරිවැයක් දැරීමට සිදු වීම.
  • නීතිවිරෝධී හා නුසුදුසු ක්‍රියාකාරකම්.(උදා: අනෙකාගේ දත්ත අනවසරයෙන් භාවිතය)  වගේ දේවල්.

ඉතිං මම මේ සරලව පැහදිලි කරේ පරිගණක ජාලයක් කියන්නෙ මොකද්ද කියලා. පරිගණක  ජාල ගැන තවත් විස්තර ඉදිරි ලිපි මගින් කතා කරමු…

-Nikhz-